ඊනියා නිර්ධන පන්ති ආණ්ඩුවට එරෙහිව නිර්ධන පන්තිය පාරට බසී.

යෝජිත විදුලි පනත හකුලා ගන්නා ලෙස බල කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති කිහිපයක් එක්ව දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කොට තිබේ.

මේ සඳහා ඉදිරියේදී තවත් ආයතන රැසක් එක්වීමට නියමිත බවද අප වෙත වාර්තා වේ.
 

ඊයේ (ජූලි 21) කොළඹදී පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී වෘත්තීය සමිති නියෝජිතයන් ප්‍රකාශ කළේ අද දින (ජූලි 22) වෘත්තීය සමිති 28ක නියෝජිතයන් ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වන බව  ය.

ලංවිමය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්මත කිරීමට නම් තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය මෑතකදී කථානායකවරයාට දැනුම් දුන්නේය. මේ අනුව, රජය සැලසුම් කර ඇත්තේ කාරක සභා අවස්ථාවේදී අදාළ සංශෝධන කෙටුම්පතට ඇතුළත් කිරීමටය.

විදුලිබල සංශෝධන කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය අනිද්දා (ජූලි 24) පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart