ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ද වූ සුදම් චන්දිම දයාරත්න මහතා (53) අභිරහස් ලෙස මියගොස් තිබේ. දෙදරු පියෙකු වූ ඒ මහතාගේ දේහය ඊයේ (ජූලි 21) කොළොන්නාව, සාලමුල්ලේ පිහිටි ඔහුගේ නිවසේ තිබී සොයාගත් බව වැල්ලම්පිටිය පොලීසිය තහවුරු කළේය.
සිද්ධිය වූ අවස්ථාවේ දයාරත්න මහතාගේ බිරිඳ නිවසේ සිට නැත. දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර නොදැක්වීම නිසා සැක සිතූ ඇය නැවත නිවසට පැමිණ පරීක්ෂා කර තිබේ. නිවසේ දොරගුළු ඇතුළතින් වසා තිබූ හෙයින්, දොර කඩා නිවසට ඇතුළු වූ විට ඔහු කාමරයේ ඇඳක් මත මියගොස් සිටිනු දැක ඇත.
මරණයට හේතුව හදිසි රෝගී තත්ත්වයක් විය හැකි බවට පොලීසිය මුලින්ම සැක පළ කරයි. කොළොන්නාව වැඩබලන හදිසි මරණ පරීක්ෂක, සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය විසින් ස්ථානීය පරීක්ෂණය පවත්වන ලදී. මරණයට හේතුව නිශ්චිතවම දැන ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, දේහය දැනට කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත යොමු කර ඇත. මේ පිළිබඳව වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.