යාපනයේ චෙම්මනි සමූහ මිනී වළෙන් ළදරුවෙකුගේ අස්ථි කොටසක් හා කිරි බෝතලයක් හා ජෝගුවක් ඊයේ දිනයේදී හමුවී ඇත. ඒ යාපනය මහෙස්ත්‍රාත් ඒ. ඒ. ආනන්ද රාජා මහතා ඉදිරියේ කැණීම් කටයුතු සිදුවූ අවස්ථාවේදීයි.
චෙම්මනි සමූහ මිනී වලේ හතර වෙනි අදියරයේ කැණීම් කටයුතු 21 දා ආරම්භ වූ අතර එම අදියරයේ කැණීම් වලදී අලුතින් මිනිස් ඇට සැකිලි කොටස් 2 ක් හමු වී තිබේ.