පිලිපීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඇමරිකා එක්සත් ජනපදය 19% ක බද්දක් අය කරන බව ට්‍රම්ප් Truth Social ගිණුමේ සටහනක් තබමින් හෙළිකරයි. “එය සුන්දර සංචාරයක් වූණා. අපි අපගේ වෙළඳ ගනුදෙනුව අවසන් කළා” යැයි ට්‍රම්ප් සදහන් කර ඇත්තේ ධවල මන්දිරයේදී පිලිපීන ජනාධිපතිවරයා සමඟ පැවති හමුවකින් පසුවය.
පිලිපීනය එක්සත් ජනපදය සමඟ සාපේක්ෂව කුඩා වෙළඳ හවුල්කරුවෙකු වන අතර, පසුගිය වසරේ ඇමරිකාවට ඩොලර් බිලියන 14.2 ක් පමණ වටිනා භාණ්ඩ අපනයන කර තිබුණි. එයට මෝටර් රථ අමතර කොටස්, විදුලි යන්ත්‍රෝපකරණ, රෙදිපිළි සහ පොල්තෙල් ඇතුළත් විය.