රාජිත ආයෙත් ඇප ඉල්ලයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අද කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන ඇප අයදුම්පතක් අද ඉදිරිපත් කරනු ලැබීය. ඒ තමන්ව අපේක්ෂිත ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ල සිටිමින්.

එහිදී ඇප ප්‍රතික්ෂේප කිරීමට අදාළ මහෙස්ත්‍රාත් අධිකරණයේ තීන්දුවේ පිටපත මහාධිකරණය හමුවේ ඉදිරිපත් කර නොමැති බැවින් මෙම පෙත්සම සම්බන්ධයෙන් තමන්ට නියෝගයක් නිකුත් කළ නොහැකි බව මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංග වංශ මහත්මිය පැවසූ අතර අදාළ ඇප තීන්දුවේ පිටපතක් ඉදිරිපත් කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස මහාධිකරණ විනිසුරුවරිය රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාට දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart