අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ අනුනායක අපවත්වී වදාළ ආණමඩුවේ ධම්මදස්සි හිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහ සහිතව අස්ගිරි පොලිස් ක්‍රිඩාංගණයේදී අද සවස පැවැත්වේ.
මේ වනවිට උන්වහන්සේගේ ශ්‍රී දේහය අස්ගිරි මහා විහාරීය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනායක අනුස්මරණ ශාලාවේ මහජන ගෞරව සඳහා තැන්පත් කොට ඇත.
ආදාහන පූජෝත්සවය නිමිත්තෙන් මහනුවර හේමමාලි බාලිකාව, පුෂ්පදාන බාලිකාව, වාරියපොළ ශ්‍රී සුමංගල හා ශාන්ත සිල්වෙස්තර යන විදුහල් සඳහා 24 වැනි දින දහවල් 12.00ට පාසල් කාලය නිම කිරීමට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කොට තිබේ.
අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පිරිස අවසන් ගෞරව දැක්වීමෙන් පසුව අද පස්වරු 01.00ට රිය පෙරහරකින් උන්වහන්සේගේ දේහය අස්ගිරි පොලිස් ක්‍රීඩාංගණය වෙත වැඩම කරවීමට නියමිතව ඇත.