ඇමරිකානු නාවුක සීල් (US NAVY SEAL) පුහුණු වැඩසටහන සම්පූර්ණ කළ පළමු ශ්රී ලාංකිකයා බවට ශ්රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්රා බලඝණයට (Special Boat Squadron) අයත් ලුතිනන් කොයාන් චමිත් සමත්ව තිබේ.
ඇමරිකානු නාවික හමුදාව යටතේ ලොව දරුණුතම හමුදා පුහුණු වැඩසටහන් වලින් එකක් ලෙස සැලකෙන මාස 14ක් පුරා පැවති දැඩි පුහුණුවකින් අනතුරුවයි ලුතිනන් චමත්ට SEAL ලාංඡනය පිරිනැමුනේ.