WhatsApp මෘදුකාංගය මගින් ව්‍යාජ ඇමතුම් හා කෙටි පණිවිඩ යොමු කර WhatsApp ගිණුම් වෙත අනවසර ප්‍රවිශ්ඨයකට ලක් කර මුදල් වංචා කිරීම සම්බන්ධ සිද්ධීන් මේ දිනවල වැඩිවෙමින් පවතින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව, මෙම වංචාකරුවන් විසින් පරිශීලකතායේ WhatsApp එක්-කාලීන මුරපද (OTP) අංකය රවටා ලබා ගන්නා අතර ඉන් අනතුරුව එම ගිණුමේ භාරකාරත්වය වංචාකරුවන් විසින් ලබාගෙන පරිශිලකයන්ගේ ගිණුමේ සිටින පුද්ගලයින් වෙත ව්‍යාජ පණිවිඩ යොමු කර මුදල් වංචා කිරීම සිදු කරන බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඒ අනුව මෙවැනි වංචාවන් සිදුවිය හැකි බැවින් මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා පොලිසිය ඉල්ලා සිටියි. එබැවින් කිසිදු අවස්ථාවක වෙනත් පාර්ශවයක් වෙත තම අන්තර්ජාල ගිණුම්වල OTP අංකයන් ලබා නොදීමට කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.