ශ්රී ලංකා රේගුව විසින් චීනයේ BYD විදුලි මෝටර් රථ තොගයක් හම්බන්තොට වරායේ රදවා තබා ගැනීමෙන් චීනය සහ ශ්රී ලංකාව අතර රාජ්යතාන්ත්රික මතභේදයක් ඇතිවීමේ හැකියාව ඇති බව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති හර්ෂද සිල්වා මහතා පවසයි.
මෙරට පොහොර අර්බුදය පැමිණි සමයේ චීනයෙන් ගෙන එන ලද පොහොර නෞකාවක් මේ ආකාරයෙන්ම ගැටලුකාරී තත්ත්වයක් ඇතිවූ බවත් පැවසු ඔහු එය සිංගප්පූරුවේ සමාගමකින් පරීක්ෂණ කළ විට වෙනස් වාර්තා පැමිණි බවත් ශ්රී ලංකාවේදී පැමිණියේ එම ප්රතිඵල නොවන බවත් පෙන්වා දුන් අතර රාජතාන්තික ගැටලුවක් දක්වා මෙය යා නොදී කළමනාකරණය කරගත යුතු බවද අවධාරණය කලා.