ශ්‍රී ලංකා ක්‍රිකට් පිල තුනට බෙදෙයි

එක්දින තරග 2ක් හා විස්සයි20 තරග 3ක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යම ලබන අගෝස්තු මස අගදී සිම්බාබ්වේ සංචා­රය ආරම්භ කිරී­මට පෙර කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාං­ග­ණ‍යේදී (එස්එස්සී) කණ්ඩා­යම් 3කට බෙදී විස්සයි20 තර­ගා­ව­ලි­යක් පැවැ­ත්වී­මට සූදා­නම් වෙයි. අගෝස්තු මස 7 වැනිදා ආරම්භ වන මෙම තර­ගා­ව­ලිය බ්ලූ, ග්‍රීන් සහ ග්‍රේ යන කණ්ඩා­ය­ම්ව­ලින් පිටි­යට පිවිසේ.

මේ තර­ගා­ව­ලි­යේදී දක්ෂතා දක්වන ක්‍රීඩ­ක­යන් කෙරෙහි වැඩි අව­ධා­න­යක් යොමු කිරී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමි­ටුවේ අපේ­ක්ෂාව වේ. නිමා­වට පත්වූ බංග්ලා­දේශ තර­ගා­ව­ලි­යට එක්වූ ක්‍රීඩ­ක­යින්ට අම­ත­රව දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂතා දක්වන නවක ක්‍රීඩ­ක­යන් මේ තර­ගා­ව­ලි­යට එක්ක­ර­ගෙන ඇත.

මූලික වටයේ අව­සා­න­යේදී ඉහ­ළම දක්ෂතා දක්වන කණ්ඩා­යම් දෙක අගෝස්තු 16දා එස්එස්සී ක්‍රීඩාං­ග­ණ‍යේදී අව­සන් මහා තර­ග­යට සුදු­සු­කම් ලබනු ඇත.

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පළමු හා දෙවන එක්දින තර­ගය අගෝස්තු 29 හා 31 දින­වල පැවැ­වෙන අතර, සැප්තැ­ම්බර් 3, 6 හා 7 දින­වල විස්සයි20 තර­ගා­ව­ලිය පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart