බද්ද 20% වීම ගැන සජබේ හර්ෂ සතුටින්

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව මත පනවන ලද අන්‍යෙන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩු කිරීම ජයග්‍රහණයක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ මෙම බදු අඩුකිරීම හරහා මෙරට කලාපීය තරගකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිවනු ඇති බවය. හර්ෂ  සිල්වා මන්ත්‍රීවරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

“ඇමරිකාව විසින් මෙරට භාණ්ඩ සඳහා අයකරන තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකිරීම ජයග්‍රහණයක් වන අතර ඒ තුළින් අපගේ අපනයනවල කලාපීය තරගකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිවනු ඇත.

ඒ පිළිබඳව මා හදවතින්ම සතුටුවන අතර මේ වෙනුවෙන් කැපවී කටයුතු කළ (තිරය ඉදිරිපස හා පිටුපස) සියල්ලන්ටත් කුඩා රටක් ලෙස අප හමුවේ ඇති අභියෝග තේරුම් ගනිමින් එම සහනය ලබාදුන් ඇමරිකාවටත් ස්තූතිවන්ත වෙමි.

මෙවැනි තත්ත්වයන් තේරුම් ගනිමින් ශ්‍රී ලංකාවේ තිබෙන වෙළෙඳ සීමා මායිම් ලිහිල් කරමින් ලංකාව ලෝකය සමග එකතු කිරීමට කටයුතු කිරීම තුළින් තවත් ජයග්‍රහණ රැසක් අත්පත් කරගැනීමට හැකිවනු ඇතැයි අවධාරණය කරමි.

ආචාර්ය හර්ෂ ද සිල්වා
පාර්ලිමේන්තු මන්ත්‍රී “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart