“දඬු ලේනා” ඉවරම කරයි

ජාතික සත්වයා ලෙස “දඬු ලේනා’’ ප්‍රකාශයට පත් කිරීමට අදාළව මූලාශ්‍රයක් නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාලයයේ පසුගියදා පැවැති සාකච්ඡාවකදී අනාවරණයවී ඇතැයි වාර්තා වේ.

වන සත්ව හානි අවම කර ගැනීම සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ පසුගියදා පැවැති සාකච්ඡාවකදී “දඬු ලේනා’’ ජාතික සත්වයා ලෙස නම් කිරීමට අදාළ මූලාශ්‍ර සම්බන්ධව ද කතා බහට ලක්ව තිබේ.

“දඬු ලේනා“ ජාතික සත්වයා ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවේ කවුරුන් විසින්ද, ඊට අදාළ මූලාශ්‍ර මොනවා දැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා ඇතත්, එම දෙපාර්තමේන්තුවේද ඊට අදාළ තොරතුරු නැතැයි තහවුරුවී ඇත.

වගාවට “දඬු ලේනා“ගෙන් දැඩි හානියක් සිදුවන නිසා එම සත්වයා ජාතික සත්වයා ලෙස ප්‍රකාශිත ලැයිස්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධවද මෙම සාකච්ඡාවේදී කතා බහට ලක්ව තිබේ. මේ අනුව, ඊට අදාළ කටයුතු වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart