ජනප්‍රිය රංගන ශිල්පියෙකුගේ සිරුර හෝටල් කාමරයකින් සොයාගෙන ඇත. ඔහුගේ සිරුර සොයාගත් විගස රෝහලකට ගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරු ඒවන විටත් ඔහු මිය ගොස් ඇතිබව තහවුරු කර තිබේ.
නවාස් නම් 51 හැවිරිදි මලයාලම් රංගන ශිල්පියා චිත්‍රපට රූගත කිරීමක් සඳහා නවාතැන් ගෙන සිටි හෝටලයේ කාමරයක මියගොස් සිටියදී සොයාගත් බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.
කෙසේනමුත් රංගන ශිල්පියාගේ මරණයට හේතුව සම්බන්ධව මෙතෙක් නිල වශයෙන් ඉන්දීය සෞඛ්‍ය අංශ ප්‍රකාශයක් සිදුකර නැත.