හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතාට චෝදනා එල්ල වී ඇති පොතුහැර ප්‍රදේශයේ තරුණයකු අතුරුදන් කිරීමේ සිදුවීමට අදාළව තවත් හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනකුට අදාළව පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව සතිඅන්ත දේශය පුවත්පත වාර්තා කරයි.
එම පුවත්පත පෙන්වා දෙන පරිදි එම හිටපු නාවික හමුදාපතිවරුන් වන්නේ තිසර සමරසිංහ, සෝමතිලක දිසානායක සහ ජයනාත් කොළඹගේ යන මහත්වරුන්ය.මේ අය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ තීරණය කර ඇතැයිද පුවත්පත අනාවරණය කරයි.