හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගෙනයන ක්‍රියාමාර්ගය දැඩි ලෙස විවේචනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක එම පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක සිය මුහුණු පොතේ සහටහනක් තබා ඇත.
එම සටහනේ දක්වා ඇති පරිදි ඔහු ජවිපේ 88/89 කැරැල්ලට සහභාගීව ආයුධ සන්නද්ධ ගරිල්ලා භටයෙකු ලෙස රජයට එරෙහි කුමන්ත්‍රණයට එක්ව ඇත්තේ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකත්වය පවා අත්හැරීමෙනි. ජවිපේ හිටපු විධායක සභික නන්දන ගුණතිලක තැබූ සටහන මෙසේය.
“මම උපාධිය අත් හැරල තුවක්කුව ගත්ත මිනිහෙක් .
1994 න් පස්සෙ අද වෙනකං හැමදාම කුළී ඇනෙක්ස් වල හිටියෙ.
ෆුල් ටයිම් වැඩ කරල අහුවුන නංගිගෙයි මල්ලිගෙයි ජීවිත බේරුනාට දීපු වද වලින් වෙච්ච ආබාධ වලට කාලයක් බෙහෙත් කලා . මහ ගේ විකුණල නඩු වලටයි බෙහෙත් වලටයි වියදම් කරා. ඒව ඒවටම ඉවර වුනා ..
අද වෙනකං රස්සාවක් කරේ නෑ . ෆුල් ටයිම් දේශපාලනය තමයි කරේ.
ජීවිතේ ගැටගහගෙන ඉන්නෙ ඔය පාර්ලිමේන්තු පෙන්ශන් එකෙන් ලැබෙන රු. 68000.00 න්. ගෙවල් කුලිය ලයිට් බිල් , වතුර බිල් බෙහෙත් වියදං ගියාම දවසකට කන්නයි වෙනත් අතුරු වියදම් වලටයි ඉතුරුවෙන්නෙ රු. 700.00 – 800.00 විතර.
මං වගේ 200 කට වැඩි පිරිසක් ඉන්නවා හිටපු මන්ත්රීවරු ජේවීපී , ශ්රීලංකා , යූඑන්පී , දෙමළ සන්ධානෙ ඔක්කොම එකතුව .
ටිල්වින් ගිය සතියෙ කියල තියෙනව case by case අරං අස්වැසුම වගේ සහනාධාර මුදලක් හදල දෙන්න බලන්නං කියල , හිටපු ජ්යේෂ්ඨ මන්ත්රීවරයෙක්ට කිව්වෙ..
හිඟන්නො වගේ මැරෙන්න වෙන්නෙ.
ඕකුං ඔක්කොම පක්ෂෙ අත් හැරල කැම්පස් රිංගල උපාධිත් සම්පූර්ණ කරගෙන 95 කාලෙ ආපහු පක්ෂෙට රිංගල කුමන්ත්රණ කරල පක්ෂෙ බලය ගත්තෙ.
වල දැම්ම , රන්ජන් ල මැච් එක ඉවරයි කියාපු පක්ෂෙ නැවත් 90 – 94 අතරෙ ජීවමාන කරල නැවත මතුපිට දේශපාලනයට ගේන්න මූලික වුණේ අපි කිහිපදෙනෙක් එක්ක මරණීය අනතුරු මැද එඩිතරව වැඩ කරපු හැට හැත්තෑවක් සහෝදරියො , සහෝදරවරු.
මුං එකෙක්වත් පක්ෂෙ නැවත ගොඩනගන්න අත ගැහුවෙ නෑ , පණ බයට …!!!
මුංගෙ කෙරුවාවකට නෙවෙයි , අනෙක් පක්ෂ දෙකම තිත්තවුන නිසා මිනිස්සු මුංට බලය දුන්නෙ .
ඔක්කොම හොරු කියල හදාපු මිත්යාවත් ඒකෙදි පාවිච්චි කරපු එක කෙබරයක් ..!!!
මං පානදුර නගර සභාව ලක්ෂ 200 ක නයක් එක්ක බාර අරං මිනිස්සු ඉල්ලන වැඩත් උපරිම කරල , නගර සභාවෙ අඩුපාඩුත් හදල , ලක්ෂ 1295 ක් fixed deposit එකක් හදල ආවමිනිහෙක් . බොරු කොංක්රීට් දාල ඒවයෙන් කන්නගියෙ නෑ .තව වෙනත් වැඩ වලින් පුරවැසියන්ගෙ බදු මුදළ් නාස්තිය දශමයට බස්සල ඉතුරු කරපුව බොහොමයි ..
දිවි නසාගන්න වෙන්නෙ අපිට , 80 ජූලි වර්ජකයන්ට වගේ…!!!
මේක පූර්ණකාළීනව දේශපාලනය කරපු දහස් ගණනකගේ ජීවිතවල ඛේදවාචකය . යුද්දෙ කාලෙ තාත්තල අහිමිවෙච්ච ජීවනෝපායක් නැති පවුල්වල ඛේදවාචකය.
අපිට දැන් අලුත් ජීවනෝපායක් හදාගන්න ඉඩක් නෑ මේ තියෙන සිස්ටම් එක ඇතුළෙ ..
දැං ජීවිතේ බෝනස් කාලෙ අවුරුදු 39 ක් අමාරුවෙන් ගෙවල තියෙන්නෙ . මට දැං 63 යි..
තියෙන සුළු වත්කම් විකුණල එදිනෙදා කාල ඇඳල ඉන්න බෑ. ඕනෙනං අවුරුදු දෙක තුනක් අල්ලං ඉන්න පුළුවං වෙයි . මේ වයසට රස්සාවල් දෙන්නෙ නෑ කවුරුවත් . බිස්නස් කරන්න ඇඟේ ඇට ව්කුණන්න වෙනවා. අන්තිමට වැටෙන්නෙ හිඟමනට . එහෙම ජීවත්වෙන්න ඕන නෑ ..
ඔව් මැරෙනව…!!!
හැබැයි තනියෙං නෙවෙයි.
මම ගරිල්ලා භටයෙක්..!!!
ටිල්වින් වගේ සම්පූර්ණ යුද්ධෙ කාලෙ හිරේ හිටිය එකෙක් නෙවෙයි.
යුද්ධෙ හිටියෙ..!!!
ඒ නිසා ඕක කරල එන්න එපා , කවුරු කවුරුත් සූදානං වෙන එක හොඳයි..!!!
මම මැරෙන්න ලෑස්තියි..!!!
අපි දුෂ්කරම පැයේ ඇත්ත සටන් කරපු මිනිස්සු..
ඊට පස්සෙ අපිට ගෙවපු පෙන්ශන් එකෙන් ” රට හදපල්ලා ” …!!!
