අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිටුපස නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ලුහුබැඳ ඇති බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත. එලෙස ලුහුබැඳ ඇත්තේ නාවික හමුදාවේ කණ්ඩායමක් විසින් පුද්ගලයන් අතුරුදන් කිරීම පිළිබඳ විමර්ශනයක් සඳහා ගිය CID නිලධාරීන් පිරිසක්වය.
සිය දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් පේදුරුතුඩුවේ මීට අදාළ විමර්ශනයකට ගිය අවස්ථාවේ ඔවුන් පසුපස පුද්ගලයන් සිවුදෙනකු යතුරුපැදි දෙකකින් ලුහුබැඳ ඇති බවත්, ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී ඔවුන් නාවික හමුදා බුද්ධි නිලධාරීන් බව තහවුරු වූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් පැවසීය.
එම බුද්ධි නිලධාරීන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන්ට එම ලුහුබැඳීමේ නියෝගය දී ඇත්තේ නාවික හමුදා බුද්ධි අංශයේ ලුතිනන් කමාන්ඩර්වරයකු බව අදාළ ලුහුබැඳීම කළ බුද්ධි නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇත.
(සිළුමිණ)