“ක්ලීන් ශ්‍රී ලංකා’’ (Clean Sri Lanka) ග්‍රාමීය සභාවේ සාමාජිකයන් දෙදෙනකු මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමේදී කමිටු සාමාජිකත්වයට පත්කිරීම අනිවාර්ය කරමින් වැබ පොලිස්පති විසින් සියළු පොලිස් ස්ථානාධිපතිවරුන්ට චක්‍රලේඛයක් යවා ඇතැයි වාර්තා වේ.
මෙම කමිටුව සඳහා සාමාජිකයන් තෝරා පත්කර ගැනීමේදී වසමේ පිහිටුවා ඇති යෞවන හා ක්‍රීඩා සමාජ සාමාජිකයන්, වසමේ සමිති සමාගම් (පරිසර, මරණාධාර, කාන්තා, කුලී රථ) නියෝජිතයන්, විශ්‍රාමික පොලිස් නිලධාරින් හා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, සේවයේ නියුතු හෝ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් තෝරා ගැනීම සම්ප්‍රදායික වශයෙන් මෙතෙක් කලක් භාවිතා කල ක්‍රමවේදයකි.
මහජන ආරක්ෂාව තහවුරු කිරීම පිණිස මහජන සහභාගිත්වය සක්‍රීය ලෙස ලබා ගැනීම සඳහා නව ප්‍රවේශයක් ලෙස ග්‍රාම නිලධාරී වසම් 14,022 ම ආවරණය වන පරිදි මහජන ආරක්ෂක කමිටු පිහිටුවා ඒ සඳහා පොලිස් නිලධරයන් අනුයුක්ත කළයුතු බවත්, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන් අරමුණු සාක්ෂාත් කරගැනීම මූලික කරගනිමින් මෙම කමිටු මෙහෙයවීමට නියමිත බවත් අදාළ චක්‍රලේඛයේ දැක්වෙන බවද පැවසේ.
මූලාශ්‍රය – අරුණ