ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එකමුතුව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත. ඒ වත්මන් රජය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිවය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එකමුතුවේ ලේකම් ප්‍රේමසිරි මානගේ කියා සිටින්නේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට පියවර ගතහොත් ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දක්වාම සිටි කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණ අනීතිකව ලබා ගත් වැටුප නැවත ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන්නට සිදුවනු ඇති බවය.