අවුරුදු 19 න් පහළ එංගලන්ත කණිෂ්ඨ බැඩිමින්ටන් ශූරතා තරගාවලියේ යොනෙක්ස් කාණ්ඩය යටතේ සමස්ත ශූරතාවය දිනාගත් රනිත්මා ලියනගේ අද දිවයිනට පැමිණීමට නියමිතය.
රනිත්මා මේ තරගාවලියේ 64 දෙනාගේ වටයේ සිට අවසාන තරගයේදී එංගලන්තයේ අහානා භාතියා පරාජය කිරීම දක්වා වූ තරග පහේදීම දැක් වූයේ පරිනත ක්‍රීඩා විලාශයක්ය.භාතියා පරාජය කිරීමේ ලකුණු සටහන දැක් වුණේ 21 – 11 සහ 21 – 7 ක් ලෙස ය.ඇය අවසාන පූර්ව තරගය නිමා කළේ අයර්ලන්තයේ මිචෙලි ශොච්හාන් ලකුණු 21 – 15 සහ 21 – 10 ක් ලෙස පරාජය කරමින්ය.ඇය අර්ධ අවසන් පූර්ව තරගයෙන් එතෙර වූයේ එංගලන්තයේ රජීවි ප්‍රභා ලකුණු 21 – 7 සහ 21 – 12 ලෙස පරාජයට පත් කරමින්ය.
ඇය හෙට දිනයේදී නයිවලදී ඇරඹෙන ජාත්‍යන්තර කණිෂ්ඨ තරගාවලියටද සහභාගීවීමට නියමිතය.