ලන්ඩනයේ කෙනින්ටන් ඕවල්හි පැවති තෙන්ඩුල්කාර් – ඇන්ඩර්සන් ටෙස්ට් තරගාවලියේ 5 වැනි තරගයෙන් ලකුණු 6ක තීව්‍ර ජයක් හිමි කර ගැනීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට හැකි විය. ඒ ඉන්දීය කණ්ඩායමේ ප්‍රෂිද් ක්‍රිෂ්ණාගේ සහ මොහොමඩ් සිරාජ්ගේ විශිෂ්ට නදු යැවීමත්, යසස්වි ජයිස්වාල්ගේ විශ්ෂ්‍ට පිතිකරණය හමුවේය. ලකුණු 396ක දැවැන්ත ඉනිමක් තැනූ ඉන්දීය කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර එහිදී මොහොමඩ් සිරාජ් සහ ප්‍රෂිද් ක්‍රිෂ්ණාගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ එංගලන්ත කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 367 කි. එම ලකුණු ලබා ගැනීමත් සමග තරගාවලිය 2-2ක් ලෙස සමව නිමා විය. තරගයේ වීරයා මොහොමඩ් සිරාජ් වූ අතර තරගාවලියේ වීරයා හැරී බෲක් පත් විය.
