රජය වී මිලදී ගැනීම වේගවත්ව සිදු කිරීමට යන බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි .
ආණ්ඩුව , වී අලෙවි මණ්ඩලය සහ සතොස සමග එක්වී වී මිලදී ගැනීමේ මෙම ක්‍රියාවලිය කඩිනමින් සිදු කරන බව අමාත්‍යවරයා ඊයේ (05) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආහාර සුරක්ෂිතතා සහ කමිටු රැස්වීමකදී පැවසුවේය .
ඒ අනුව යල කන්නයේදී මිලදී ගත් වී කෙටීමේ ක්‍රියාවලිය මේ වන විට සිදුකරමින් පවතින අතර එම සහල් පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට සතොස හරහා වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බවත් , සතොස මගින් අත්පත් කරගත් සහල් තොග ලබන සතියේ සිට අලෙවිය සඳහා නිකුත් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය .
මෙම තීරණය ගෙන ඇත්තේ වෙළඳපොළ මිල ස්ථාවරත්වය සහ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා වන බවත් මෙම සැලැස්ම යටතේ වීමේදී ගැනීම වේගවත් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය .
රැස්වීමේදීත් වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මෙම පියවර මගින් ගොවීන්ට සාධාරණ මිලක් ලබාදීමත් පාරිභෝගිකයන්ට සහල් හිඟයකින් තොරව හිඟයකින් තොරව මිලදී ගැනීමටත් අවස්ථාව සැලසෙනු ඇති බවට රජය අපේක්ෂා කරන බව කීවේය .