අද (5) දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී තීරණයක් ගනිමින්, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත කළේය.
මෙම තීරණාත්මක ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් ලැබුණු අතර, ඊට විරුද්ධව කිසිදු මන්ත්‍රීවරයෙක් ඡන්දය ප්‍රකාශ කළේ නැත. රාමනාදන් අර්චුනා පමණක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
2002 අංක 05 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වැනි වගන්තිය යටතේ සේවය අත්හිටුවා සිටි පොලිස්පතිවරයාට මෙම චෝදනා ගෙන එන ලදී .
දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව එල්ල වූ දූෂණ හා විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු බොහෝ දෙනෙකු අදහස් දැක්වූ අතර, මෙම ඡන්ද ප්‍රතිඵලය ඔහුගේ ඉරණම අවසන් වශයෙන් තීරණය කරනු ඇත.