ඕස්ට්‍රේලියානු පොදු රාජ්‍ය මණ්ඩලයේ ආණ්ඩුකාර ජෙනරාල් සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය නිල සංචාරයක් සඳහා අද දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම සංචාරය අතරතුර, එතුමිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මෙම සංචාරයේ අරමුණ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීමට ඇති අවස්ථා ගවේෂණය කිරීම බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි. බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ඕස්ට්‍රේලියාව විසින් සහාය දක්වන ව්‍යාපෘති කිහිපයක් ද ආණ්ඩුකාර ජෙනරාල් සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය නිරීක්ෂණය කිරිමට බලාපොරොත්තු වන බවත්, එතුමිය මේ මස 10 වන දින දක්වා මෙරට රැඳී සිටින බවත්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
