පුපුරණ ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි 78 හැවිරිදි පුද්ගලයකු රක්වාන, මැදගංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
උඩවලව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු සතුව තිබී කොඩයිට් කිලෝ 3ක්, ඇමෝනියෝ කිලෝ 9කට වැඩි ප්‍රමාණයක්, වෝටර් ජෙල් කුරු 15ක්, ඩෙටනේටර් 28ක් සහ සේවා නූල් අඩි 22ක් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා රක්වාන ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.