විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවක් අද!

 

විපක්ෂයේ පක්ෂ නායකයෝ අද (අගෝස්තු 6) පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිත අතර, එහිදී වැදගත් කරුණු දෙකක් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වේ.

ප්‍රධාන වශයෙන්, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයස්කරට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව පිළිබඳව ඔවුන් අවසන් එකඟතාවකට පැමිණීමට නියමිතය.

මීට අමතරව, ආණ්ඩුව පොරොන්දු වූ පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා පාර්ලිමේන්තුවේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් යෝජනාවක් ද මෙම රැස්වීමට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

මෙම හමුව, ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ ඒකාබද්ධ ස්ථාවරය තහවුරු කිරීම සඳහා තීරණාත්මක එකක් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart