හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්ය මණ්ඩල ප්‍රධානීව කටයුතු කල සාගල රත්නායක ප්‍රකාශයක් ලබාදීම සදහා අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරය දරණ කාලයේ සිදුකල විදෙස් සංචාරයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීම සදහායි.
කෙසේ වෙතත් සාගල රත්නායක මහතා මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිමට පෙර වැරදිමකින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් තිබුණි.