මේ වසරේ ගත වූ කාලය තුළ වාහන ලියාපදිංචිය ඉහළ ගොස් ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, වාහන එක් ලක්ෂ 33,678ක් ලියාපදිංචි කර තිබේ.
මෙලෙස ලියාපදිංචි කර ඇති වාහන අතරින් වැඩිම සංඛ්‍යාවක් යතුරුපැදි වන අතර, එම සංඛ්‍යාව එක් ලක්ෂ 451ක් ලෙස දැක්වේ.
මීට අමතරව, මෝටර් රථ 20,535ක්, ත්‍රිරෝද රථ 3,293ක් සහ ද්විත්ව කාර්ය වාහන 1,995ක් ද අදාළ කාලය තුළ ලියාපදිංචි කර ඇත.
රජය විසින් වාහන ආනයනය සඳහා අවසර දීම මෙම ලියාපදිංචි සංඛ්‍යාව ඉහළ යෑමට ප්‍රධාන හේතුව බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.