විස්සයි විස්ස අද කොළඹ දී

මෙම ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි – විස්ස ලීග් ක්‍රිකට් තරගාවලිය කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී අද (07) ආරම්භ වේ. තරගාවලිය නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිම්බාබ්වේ සංචාරය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අරමුණින් සංවිධාන කරන මෙම තරගාවලිය ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ගේ පමණක් නොව, නැගී එන ක්‍රීඩකයින්ගේ දක්ෂතා ද ක්‍රීඩා ලෝලීන්ට සජීවීව දැක බලා ගැනීමට අවස්ථාව උදා කර ඇත.
පස්වරු 1.30ට ආරම්භ වන මුලික තරගය නිල් කණ්ඩායම සහ කොළ කණ්ඩායම අතර පැවැත්වෙන අතර, එය කොළඹ එස්.එස්.සී. (SSC) ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදී. තරගය නැරඹීමට ක්‍රීඩා ලෝලීන් සඳහා එදින පස්වරු 12.30 සිට අවස්ථාව විවර වී තිබේ.

තරගාවලියේ මුලික වටය ලීග් ක්‍රමය මත පදනම්ව පැවැත්වෙන අතර, සෑම කණ්ඩායමක්ම තරග 4ක් වටා ක්‍රීඩා කරනු ඇත. ඒ තුළින් වැඩිම ප්‍රසාද ලකුණු රැස් කරන කණ්ඩායම් දෙකක් අගෝස්තු 16 වනදා පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලබන බව ක්‍රීඩා ආරංචි මාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart