දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා පුද්ගලයන් 907 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුමේදී අපරාධවලට සෘජුවම සම්බන්ධ පුද්ගලයන් 17ක් සහ වරෙන්තුකරුවන් 343ක් ද අත්අඩංගුවට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමේ අරමුණින්, ආරක්ෂක නිලධාරීන් 6,129කට අධික සංඛ්‍යාවක් යොදාගෙන මෙම මෙහෙයුම දියත් කර ඇත.
එහිදී, පුද්ගලයන් 27,388ක්, වාහන 9,758ක් සහ යතුරුපැදි 7,509ක් පරීක්ෂාවට ලක් කර තිබේ. නීති විරෝධී ගිනි අවි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම මෙහෙයුමේදී බීමත් රියදුරන් 58ක් අත්අඩංගුවට ගත් අතර, අපරීක්ෂාකාරී රිය ධාවනය ඇතුළු රථවාහන වැරදි 2,992ක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇත.
මීට අමතරව, බූස්ස බන්ධනාගාරයේ සිදු කළ විශේෂ සෝදිසියකදී හෙරොයින් මිලිග්‍රෑම් 11ක් සොයාගෙන තිබේ.
අගෝස්තු 8 වැනිදා තුළදී පමණක් මුළු දිවයිනෙන්ම හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 547ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 726යි මිලිග්‍රෑම් 107ක් පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.