දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය විභාග ජාතික සුදුසුකම් ලෙස පිළිගැනීමට පියවර ගන්නා බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසයි. ඒ සඳහා අධ්‍යාපන කොමිෂන් සභාවෙන් ඉල්ලීම් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
මෙම පියවර ගනු ලබන්නේ දහම් පාසල් අධ්‍යාපනය සඳහා සිසුන් වැඩි වශයෙන් යොමු කිරීමේ අරමුණිනි. නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඇතැම් ආයතනවල රැකියා සඳහා බඳවා ගැනීමේදී මෙම විභාග සහතිකවලට නිසි පිළිගැනීමක් නොලැබීම නිසා සිසුන්ගේ දහම් පාසල් අධ්‍යාපනය කෙරෙහි ඇති උනන්දුව අඩුවී ඇති බවයි.
දැනට මෙරට පාසල් 10,096ක සිසුන් ලක්ෂ 40කට අධික සංඛ්‍යාවක් සිටියත්, දහම් පාසල් 10,647ක් පැවතියද, දහම් පාසල් අධ්‍යාපනය ලබන්නේ සිසුන් ලක්ෂ 18ක් පමණි. මේ අනුව, සිසුන් ලක්ෂ 22ක් පමණ දහම් පාසල් අධ්‍යාපනයට යොමු වී නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.