නිරිතදිග කෙන්යාවේදී සිදුවූ බිහිසුණු බස් රථ අනතුරකින් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් මෙම බස් රථය, බටහිර කකාමේගා නගරයේ සිට කිසුමු නගරය දක්වා ධාවනය වෙමින් තිබියදී රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව පෙරළී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියගිය අය අතර වයස අවුරුදු 10ක දැරියක් ද සිටින බව වාර්තා වේ.