හදිසි වෛද්‍ය ප්‍රතිකාර සේවාවන් රෝහල්වලට පමණක් සීමා නොකර, සියලු ජනතාව කේන්ද්‍ර කර ගනිමින් පුළුල් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ (SLCEP) වාර්ෂික අධ්‍යයන සම්මේලනයට කොළඹ ගලධාරි හෝටලයේදී සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“හදිසි ප්‍රතිකාර සේවාවන් අවශ්‍යතාව ඇති සෑම ස්ථානයකටම ව්‍යාප්ත විය යුතුයි. එම සේවා කටයුතු රෝහල්වලදී ලැබෙන නිශ්චිත ප්‍රතිකාර දක්වා බාධාවකින් තොරව ඉදිරියට යා යුතුයි” යනුවෙන් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස, හදිසි ප්‍රතිකාර සේවාවන්හි ව්‍යාප්තිය පිළිබඳව අවධානය යොමු කර ඇති බව ද ඔහු පැවසීය.