කොටස් වෙළඳ පොලේ කරටි කැඩෙයි

‘ආයෝජකයන්ගේ විශ්වාසයේ ඉහළ යාම නිසා කොටස් වෙළඳ පොළ දැන් කරටි කඩාගෙන ඉහළ යනවා’ යයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේසිරි බස්නායක මහතා පවසයි.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

“වැරදි ආර්ථික ක්‍රියා මාර්ග නිසා කඩා වැටුණු රට ක්‍රම ක්‍රමයෙන් ස්ථාවර කිරීමට වත්මන් රජයට හැකි වී තිබෙනවා. නමුත් එමඟින් පමණක් අවදානම අඩු වී ආර්ථිකය වේගයෙන් වර්ධනය වන්නේ නැ. සමාජ දේශපාලන සියලු අංශයන්ගෙන් බිඳ වැටුණු රටක් යථාවත් කිරීමේ වගකීම ජනපති ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජනතාව ලබා දුන්නා. මේ වන විට ගෝලීය තත්වයන්ටද සාර්ථක මුහුණ දීමට ආණ්ඩුවට හැකි වී තිබෙනවා.

ඇමරිකා තීරු බදු ප්‍රතිපත්තිය සමඟ මෙරට අපනයන මුහුණ දුන් අවදානම රාජතාන්ත්‍රික උපාය මාර්ගයකින් මේ වන විට ඉතා යහපත් තැනකට ගෙන ඒමට රජයට හැකි වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart