බ්‍රිතාන්‍යය තුළ තහනම් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇති ‘පැලස්ටයින් ඇක්ෂන් ගෘෘප්’ (Palestine Action Group) නම් සංවිධානයට සහාය පළ කරමින් ලන්ඩනයේ පැවති රැලියකට සහභාගී වූ 474කට අධික පිරිසක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බ්‍රිතාන්‍ය නීතියට අනුව, මෙම සංවිධානයේ සාමාජිකත්වය හෝ එයට සහාය දැක්වීම අපරාධමය වරදක් වන අතර, නීතිය උල්ලංඝනය කරන්නන්ට වසර 14ක් දක්වා සිර දඬුවම් නියම කළ හැකිය.
පොලීසියට අනුව, පසුගිය වසර 10 තුළ ලන්ඩන් පොලීසිය එක් දිනක් තුළ වැඩිම පිරිසක් අත්අඩංගුවට ගත් අවස්ථාව මෙයයි.