සැප්තැම්බර් මාසයේ සිට තවත් රාජ්‍ය ආයතන 50ක් GovPay ඩිජිටල් ගෙවීම් පද්ධතියට එක් කිරීමට පියවර ගෙන ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.
මේ අනුව, සැප්තැම්බර් මාසය වන විට GovPay පද්ධතියට සම්බන්ධ වන මුළු රාජ්‍ය ආයතන සංඛ්‍යාව 100ක් දක්වා ඉහළ යනු ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත, එළඹෙන සැප්තැම්බර් මාසය “ඩිජිටල් ආර්ථික මාසය” ලෙස නම් කර තිබේ. රට ඩිජිටල් ආර්ථිකයක් කරා යොමු කිරීමේ අරමුණින්, මෙම මාසය තුළ ඩිජිටල් ආර්ථිකයේ ප්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා සඳහන් කළේය.