2025 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (10) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී ආරම්භ වේ.
විභාගය පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිත අතර, අයදුම්කරුවන් 307,951ක් මේ සඳහා පෙනී සිටීමට නියමිතයි. විභාග මධ්‍යස්ථාන සූදානම් කිරීමේ සහ දුම් ගැන්වීමේ කටයුතු ඊයේ (9) අවසන් කෙරිණි.
විභාගයේදී පළමුව දෙවන ප්‍රශ්න පත්‍රය ලබා දෙන අතර, එය පෙ.ව. 10.45ට අවසන් වීමට නියමිතයි. ඉන්පසුව පැය භාගයක විවේක කාලයක් ලැබෙන අතර, පළමු ප්‍රශ්න පත්‍රය පෙ.ව. 11.15ට ආරම්භ වී ප.ව. 12.15ට අවසන් වීමට නියමිතය. ඒ අනුව, සම්පූර්ණ විභාගය ප.ව. 12.15ට අවසන් වේ.