බොරැල්ල, සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 24, 25 සහ 40 වයස්වල පසුවන බොරැල්ල සහ දෙමටගොඩ ප්රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි. ඔවුන් මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට සැක කෙරේ.
මීට පෙරද මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, ඔහු මේ වනවිට දින තුනක රැඳවුම් නියෝග මත ප්රශ්න කරමින් සිටී.
පසුගිය අගෝස්තු 7 වැනිදා රාත්රියේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සිදු කළ මෙම වෙඩි තැබීමෙන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරිණි. ඉන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, තිදෙනෙකු තවමත් කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.