රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ආරම්භ කිරීමට නියමිතව තිබු දීප ව්‍යාප්ත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවු බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරයි.
සංගමයේ විධායක සභාව සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලීන්ද ජයතිස්ස සමඟ පැවති සාකච්ඡාවේදී එකඟතාවන්ට ලැබුණු ධනාත්මක සහ සාධනීය ප්‍රතිචාරයන් සලකා බලා මෙම තීරණය ගත් බව හෙතෙම පැවසුවේය.
අක්‍රමවත් සහ දෝෂ සහිතව ප්‍රකාශයට පත් කනර ලද පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ පුරප්පාඩු ලැයිස්තුව නිවැරදි විය යුතු අතර නිවැරදි ලැයිස්තුව ප්‍රකාශයට පත්වෙන තෙක් අයදුම් පත් යොමු නොකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක ඔවුහු නිරත වී ඇති බවද වෛද්‍ය විජේසිංහ පෙන්වාදේ.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය මාර්ගස්ථ ක්‍රමය යටතේ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් බදවා ගැනීමට ලබා දී තිබනෙ කාලය අදින් අවසන් වීමට තිබු නමුත් එය ලබන 15 වෙනිදා දක්වා කල් දමා ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී සිටියි.