ඉකුත් කාලයේදී මහා පරිමාණ දූෂණ හා අක්‍රමිකතා සිදුකර අල්ලස් කොමිසමේ විමර්ශන මගහරිමින් විදෙස් රටවලට පලාගොස් සිටින හිටපු ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ රජයේ ඉහළම තනතුරු දැරූ නිලධාරීන් පිරිසක් ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට යන බවට මාධ්‍ය වාර්තා පැතිර තිබේ.
දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසම මගින් සිදුකරන විමර්ශනවලට සහාය නොදී එලෙස විදෙස් රටවලට පලාගොස් සිටින පිරිස සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර ජාත්‍යන්තර පොලිසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන ලබා ගැනීමට කටයුතු යොදා ඇතැයි ද පැවසේ.
හිටපු කැබිනට් ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් ඇතුළු ඉහළ තනතුරු දැරූ නිලධාරීන් පිරිසක් එලෙස විදෙස් රටවලට පලාගොස් සිටින බව පැවසේ.
අල්ලස් කොමිසමේ විමර්ශනවලට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීමට අවශ්‍ය කරන පුද්ගලයන්ට මෙරටට පැමිණ ප්‍රකාශ ලබාදෙන ලෙසට වට්ස්ඇප්, ඊමේල් සහ තානාපති කාර්යාල මගින් දැනුම් දී ඇති බවද වාර්තා වේ.
එම දැනුම් දීමට අනුව ප්‍රකාශ ලබාදීමට ඉදිරිපත් නොවන පුද්ගලයන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ජාත්‍යන්තර පොලිසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන ලබා ගන්නා බව අල්ලස් කොමිසම කියා සිටී.
මූලාශ්‍රය – අරුණ