පානදුර දිසා අධිකරණයේ නඩු කටයුත්තක් පවතින ඉඩමක විදුලි රැහැන් සම්බන්ධයෙන් ගැටලුවක් 2019 වසරේ සිට පැවත එන අතර, එම ඉඩමේ නඩු කටයුත්ත අවසන් වන තෙක් විදුලි රැහැන් ඉවත් කිරීම නොකළ යුතු බවට 2024 වසරේදී පානදුර ප්‍රාදේශීය ලේකම්වරිය ලිඛිතව දැනුම් දී තිබුණි.
කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව, පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චිගේ බලපෑම් මත, පානදුර ප්‍රාදේශීය ලේකම් සහ විදුලි අධිකාරි විසින් මෙම නඩු කටයුතු පවතින ඉඩම තුළ විදුලි රැහැන් වෙනස් කිරීමට බලහත්කාරයෙන් කටයුතු කරන බවට චෝදනා එල්ල වී ඇත.
වාර්තා වන පරිදි, මන්ත්‍රීවරිය විසින් අදාළ රාජ්‍ය නිලධාරීන්ට දැඩි ලෙස බලපෑම් කර ඇති බව පැවසේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන්ගෙන් විමසීම් කිරීමට මේ වන විටත් උත්සාහ කරමින් සිටින නමුත්, ඔවුන්ගේ ප්‍රතිචාර තවමත් ලැබී නොමැත.