ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් අතිගරු Eric Walsh අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
අග්‍රාමාත්‍යවරිය, තම ධුර කාලය තුළ මහ කොමසාරිස්වරයාගේ දායකත්වය අගය කළ අතර, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔහුගේ විවෘතභාවය සහ කැපවීම පිළිබඳ විශේෂයෙන් සඳහන් කළාය. කැනඩාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව අගමැතිනිය වෙත කරුණු පැහැදිලි කළ මහකොමසාරිස්වරයා, ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා කැනඩා රජයේ අඛණ්ඩ සහය ලබාදෙන බවද සඳහන් කළේය.