අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නමට ලියාපදිංචි කර තිබූ වාහන එකසිය තිස්නවයක් අතුරුදන්ව ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ වාර්තාවකින් හෙළිවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසීය. හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ (11 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
අදාළ වාහන මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය සතුව නොමැති බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය පැහැදිලි මැදිහත්වීමක් මේ සම්බන්ධයෙන් සිදුකළ යුතු බව හෙතෙම කියා සිටියේය.
මෙහිදී අදහස් දක්වමින් හෙතෙම වැඩිදුරටත් මෙසේද පැවසීය.
“ජාතික විගණන කාර්යාලය අධ්‍යාපන අමාතයාංශය සම්බන්ධයෙන් විගණන වාර්තාවක් එළිදක්වලා තියෙනවා. මේකේ තියෙන ප්‍රධාන කාරණයක් තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා විවෘත විශ්වවිද්‍යාල දුරස්ථ අධ්‍යාප රාජ්‍ය අමාත්‍යාංශය පිහිටුවා 2020 සහ 2021, 2022 වසර වලදී රුපියල් මිලියන පන්දාස් දෙසිය දහනවයක් වියදම් කරලා තියනවා. ජාතික අධ්‍යාපන ආයතනය මගින් රුපියල් මිලියන තුන්සිය පනහක් වියදම් කරලා තියෙනවා. සැලසුම් කළ පරිදි ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීමට අපොහොසත් වෙලා තියෙනවා.2025 මාර්තු 26 වැනිදා වන විටත් මේ සම්බන්ධයෙන් මාර්ග සිතියමක් සිදුකරලා නෑ කියලා විගණන වාර්තාව හඳුනගෙන තියෙනවා. 2024 මැයි මාසය වන විටත් උසස් පෙළ සිසුන් පමණක් නොව සාමන්‍ය පෙළ සිසුන්ද පාසලට පැමිණීම සීමාවෙමින් පවතින තත්ත්වයක් විගණනයට නිරීක්ෂණය වෙලා තියෙනවා. දැන් ටියුෂන් වලින් තමයි ඉගෙන ගන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය ජ්‍යෙෂ්ඨ ද්වීතික මට්ටමේ නිලධාරී පුරප්පාඩු අටසිය අසූවයි, ප්‍රාථමික මට්ටමේ පුරප්පාඩු දෙදාස් හාරසිය දහඅටයි.”
චීන රජයේ ප්‍රධානයක් විදිහට ලබාගන්නා ලද සුහුරු පුවරු පන්සීයක් පාසල් පද්ධතිය තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකර සුහුරු පුවරු දාහක් මිලදී ගැනීමට පමණක් කටයුතු කරලා තියෙනවා 2024 අගෝස්තු මස 08 වැනිදා.
මූලාශ්‍රය – අරුණ