අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ්-ජා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වූ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.
නායකත්වය සහ සැලසුම් කිරීම සඳහා වන පුහුණු වැඩසටහන් ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද්වීපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා වී තිබේ.
දෙමළ මාධ්‍ය සඳහා පවතින ගුරු හිඟයට විසඳුම් සෙවීම සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට ගෙන යාම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.