ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා පොලිසියේ නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර තිබෙනවා.
මෙම පත්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියද හිමිව ඇති අතර, අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් පත්වීම් ලිපිය නව පොලිස්පතිවරයාට භාර දී ඇත.
නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ශ්‍රී ලංකා පොලිසියේ 37 වැනි පොලිස්පතිවරයා ලෙස ඉතිහාසයට එක් වේ.
පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී යන සියලු තනතුරු පසුකරමින් පොලිස්පති ධුරයට පත් වූ පළමු නිලධාරියා වීමද ඔහුගේ සුවිශේෂීත්වයකි.