ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර්වර්යෙකුගේ පුතෙකු ඇතුළුව තරුණයින් 11 දෙනෙකු කප්පම් ගැනීම සඳහා පැහැර ගෙන ගොස් රඳවා තබා ගැනීමෙන් පසුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණ පිළිබඳව විකෘති අර්ථකතන දෙන උදය ගම්මන්පිලට එරෙහිව විවිධ සංවිධාන සහ පුද්ගලයින් නැගී සිටී.
අධිකරණ නියෝග අනුව යමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන පරීක්ෂණවල දී සැකකරුවන් අත්තඩංගුවට ගැනීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල වියරු විකෘති ප්‍රකාශ දිගින් දිගටම සිදු කරමින් සිටී. මේ සම්බන්ධයෙන් නීතිඥ අචලා සෙනෙවිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (12) පැමිණිලි කළාය.
ජාතික ආරක්ෂාවට අදාළව කිසිම දෙයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා නොකරන අතර, සැලසුම් සහගතව සිදු කරන ලද මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ සම්බන්ධයෙන් පමණක් අදාළ විමර්ශන මෙහෙයවමින් සිටී. ඒ බව හොඳින් ම දන්නා උදය ගම්මන්පිල වියරු විකෘති ප්‍රකාශ සිදු කරන උදය ගම්මන්පිල, පිල්ලෙයාන් නොහොත් සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් ජාතික වීරයෙකු ලෙස හැඳින්වීමට ද පසුබට නොවීය.