මහජනතාවට සහ පොලිස් නිලධාරීන්ට පොලිස්පති කාර්යාලය සමඟ සෘජුවම සම්බන්ධ වීමට හැකි නව WhatsApp අංකයක් පොලීසිය විසින් හඳුන්වා දී තිබෙනවා. මෙය, අපරාධ සහ වෙනත් ගැටලුකාරී තත්ත්වයන් කඩිනමින් දැනුම් දීම සඳහා පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතාගේ සංකල්පයක් ලෙස ක්රියාත්මක කර ඇත.
අද (අගෝස්තු 13) සිට ක්රියාත්මක වන මෙම නව අංකය 071 – 8598888 වේ.
මෙමඟින් මහජනතාවට කෙටි පණිවිඩ, වීඩියෝ සහ ඡායාරූප යොමු කිරීමට හැකි අතර, දුරකථන ඇමතුම් ලබාගැනීමේ හැකියාවක් නොමැති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
පොලිස් නිලධාරීන්ටද ඔවුන්ගේ ගැටලු සහ තොරතුරු සම්බන්ධයෙන් මෙම අංකය ඔස්සේ දැනුම් දීමේ අවස්ථාව හිමිවේ.