බලශක්ති ඇමති කුමාර ජයකොඩි 2015 වර්ෂයේදී ලංකා පොහොර සංස්ථාවේ කළමනාකරුවකු ලෙස සේවය කරමින් සිටියදී එම සමාගමේ හුනුපිටිය ගබඩා සංකීර්ණයේ පාරක් කාපට් කිරීමේදී සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් චෝදනා පහකින් දෙකකට වරදකරුවී සේවයෙන් ඉවත් වූ බව බලශක්ති ඇමති කුමාර ජයකොඩි දෙරණ 360 වැඩසටහනේදී පිළිගෙන ඇත.
මෙහිදී ඔහු විසින් එම පාර කාපට් කිරීමට සිය අත්සන යෙදූ බවටද පිලිගෙන ඇත.ඔහු එහිදී සඳහන් කරනු ලැබුවේ තමා එම ලිපිගොනුවට කොක්කක් (අත්සනක්) යෙදූ බවයි.
තවද බලශක්ති ඇමති කුමාර ජයකොඩි මෙම සිද්ධිය සම්බන්ධයෙන් කම්කරු උසාවියට ගිය බවත් කලින් විනිසුරුවරයා මාරු උන බවත් අලුතින් පැමිණි විනිසුරුවරයා තමාගේ නඩුව සම්බන්ධයයෙන් කිසිවක් නොදන්නා හෙයින් තමන්ට එරෙහිව තීන්දුවක් ලබා දුන් බවත් ප්‍රකාශ කොට ඇත. මෙය කෙලින්ම විනිසුරුවන් විවේචනය කිරීමක් වන අතර අධිකරණයට අපහාස කිරීමකි.
මීට ප්‍රථම අධිකරණයට අපහාස කල එස්.බී දිසානායක,රන්ජන් රාමනායක,ගලගොඩ අත්තේ ඥානසාර හිමි හා මේජර් අජිත් ප්‍රසන්නට හිමිවූ දඩුවම බලශක්ති ඇමති කුමාර ජයකොඩිටත් ලැබේදැයි ජනතාව ප්‍රශ්න කර සිටියි.
(විශේෂ ලියුම්කරුවෙකු විසිනි )