දකුණු යුරෝපය උෂ්ණත්ව මට්ටම 40c ඉක්මවන අධික උෂ්ණත්වය හේතුවෙන්, බොහෝ ප්‍රදේශවල දැවැන්ත ලැව්ගිනි තත්ත්වයක් මතුවී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, මේ වනවිට පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂය ලබා ඇති අතර, දහස් ගණනක් ජනතාවට නිවෙස් අත්හැර පිටව යාමට සිදුව තිබේ.
ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය සහ බෝල්කන් ප්‍රදේශවල රතු තාප අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, සෙල්සියස් අංශක 40 ඉක්මවන උෂ්ණත්වය සෞඛ්‍යයට දැඩි අවදානමක් බව ද නිවේදනය කර ඇත.
ස්පාඤ්ඤයේ කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ, සෙවිල් සහ කෝර්ඩෝබා නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 දක්වා ළගා විය හැකි බවය.
ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස්, පවසා තිබුණේ, ලැව්ගිනි පාලනය සඳහා ගිනි නිවීමේ සේවා වෙහෙස නොබලා කටයුතු කරමින් සිටින බවය.
මේ අතර, රට පුරා ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා සොල්දාදුවන් 1,000ක් පමණ යොදවා ඇති බවද වාර්තා වෙයි.
ග්‍රීක බලධාරීන් එළඹෙන දිනවල තත්ත්වය තවදුරටත් අභියෝගාත්මක වී හැකි බවට අනතුරු අඟවා, ජනතාවට අවධානයෙන් සිටීමට කැඳවනු ලැබීය.