සේවක අර්ථසාධක අරමුදලේ 30%ක ප්‍රතිලාභය ලබාගත් සාමාජිකයන්ට වසර 10ක් ගතවීමෙන් පසු එම ප්‍රතිලාභය දෙවැනි වර ලබාගැනීමට ඇති අවස්ථාව, මහ බැංකුවේ දත්ත වාර්තා යාවත්කාලීන නොවීම නිසා ප්‍රමාදවී ඇත. මේ හේතුවෙන් ප්‍රතිලාභ අයදුම් කළ පිරිස විශාල අපහසුතාවකට පත්ව සිටිති.
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට පළමු වරට 30% ප්‍රතිලාභය ලබාගැනීමෙන් වසර 10ක් ගතවීමෙන් පසුව දෙවැනි වරටත් 30%ක ප්‍රතිලාභයක් ලබාගත හැකි බව එම පනතේ සඳහන් වේ.
ඒ අනුව 30% ප්‍රතිලාභය අයදුම් කිරීම සඳහා අදාළ ප්‍රදේශයේ කම්කරු කාර්යාලයට ගොස් ප්‍රතිලාභ අයදුම්පත් භාරදිය හැකිවුවත් එම කාර්යාල මේ වනවිට බොහෝ ප්‍රතිලාභීන් හරවා යවමින්, මහ බැංකුව මෙම ප්‍රතිලාභය ලබාගැනීමට සම්බන්ධ තොරතුරු යාවත්කාලීන කළ පසු දැනුම් දෙන බව පවසා ඇත.
මේ හේතුවෙන් සේවක අර්ථසාධක පනතට අනුව නියමිත කාලසීමාවේ 30% ප්‍රතිලාභය ලබාගැනීමේ අපේක්ෂාවෙන් සිටි සාමාජිකයෝ මහ බැංකුව අදාළ තොරතුරු යාවත්කාලීන නොකිරීම නිසා දැඩි අපහසුතාවකට ලක්ව සිටිති.