පෞද්ගලීකරණයට එරෙහිව දශක තුනක් මුළුල්ලේ හඬ නැගූ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායකත්වයෙන් යුත් මාලිමා ආණ්ඩුව, ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) සමාගම් හතරකට කඩා දැමීම සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්ව තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පිරිස්) විසින් නිකුත් කරන ලද නවතම චක්‍රලේඛයක් සහ සේවක මාරු කිරීමේ නියැදි අයදුම්පත්‍රයක් මගින් ඔවුන් CEB ප්‍රතිව්‍යුහගත කිරීමේ කොටසක් ලෙස අනුප්‍රාප්තික සමාගම් හතරකට සේවකයින් මාරු කිරීමේ ක්‍රියාවලිය සාකච්ඡාවට ලක් කර තිබේ. මේ නව පියවර පිළිබඳව පුළුල් ලෙස කතාබහට ලක් විය යුතු අතර, විරෝධතා දැක්වූවන්ම බලයට පැමිණි පසු සිදු කරන මෙම වෙනස සාකච්ඡාවට බඳුන් විය යුතු ය.
අතීත විරෝධය: “ලංවිම විකුණන්නට එපා!”
ජවිපෙ සහ එහි වෘත්තීය සමිති දශක ගණනාවක් පුරා ලංවිම පෞද්ගලීකරණය කිරීමට එරෙහිව පුළුල් විරෝධතා ව්‍යාපාර දියත් කළේය. එවකට පැවති රජයන් විසින් ඉදිරිපත් කළ විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත් වලට දැඩි ලෙස විරෝධය පළ කළ ඔවුන්, ඒවා රාජ්‍ය දේපළ විදේශ සමාගම්වලට විකිණීමේ කුමන්ත්‍රණ ලෙස හඳුන්වා දුන්හ. ඔවුන්ගේ ප්‍රධාන තර්කය වූයේ ලංවිම පෞද්ගලීකරණය කිරීමෙන් විදුලි බිල වැඩි වන බවත්, එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවත්ය. ලංවිම පෞද්ගලීකරණයට එරෙහිව ඔවුන් විරෝධතා පැවැත්වූයේ දේශීය සම්පත් සුරැකීමේ සටන්කරුවන් ලෙසය.
වර්තමාන තත්ත්වය: සමාගම් හතරකට කැඩීම
නමුත් මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇත. මෙය අභ්‍යන්තර ලේඛන වලින්ද තහවුරු වන පරිදි ලංවිම ජනන, සම්ප්‍රේෂණ, බෙදාහැරීම් සහ ජාතික පද්ධති මෙහෙයුම් යන ප්‍රධාන සමාගම් හතරකට බෙදී යයි. අනුප්‍රාප්තික සමාගම් වෙත සේවකයන් මාරු කිරීම සම්බන්ධයෙන් වන ලේඛන මගින් මෙම ක්‍රියාවලියේ අභ්‍යන්තර තොරතුරු හෙළි වේ.
ආණ්ඩුව පවසන්නේ මෙය “පෞද්ගලීකරණය” නොව, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා “ප්‍රතිව්‍යුහගතකරණයක්” බවයි. කෙසේ වෙතත්, මෙම තත්ත්වය පිළිබඳ විවේචකයන් සහ ඇතැම් වෘත්තීය සමිති විසින් නැවත ප්‍රශ්න කරනු ලැබේ. ඔවුන් පෙන්වා දෙන්නේ සමාගම්වලට කඩා දැමීම යනු පෞද්ගලීකරණය සඳහා මාවත විවෘත කිරීමක් බවයි. විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති අතීතයේදී මෙම ප්‍රතිසංස්කරණවලට විරෝධය පෑ නමුත්, දැන් ජවිපෙ ප්‍රමුඛ ආණ්ඩුව යටතේ මේ ක්‍රියාදාමයට සහයෝගය පළ කරයි.
වසර ගණනාවක් පුරා ඔවුන් දැඩි ලෙස විරුද්ධ වූ “සමාගම්කරණය” නම් ක්‍රමවේදය දැන් ඔවුන්ම ක්‍රියාවට නංවමින් සිටීම පරස්පර විරෝධී ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සඳහා පනවා ඇති කොන්දේසිවලට ආණ්ඩුව යටත්වී ඇති බව. මෙම ප්‍රතිව්‍යුහගතකරණය යනු IMF කොන්දේසි ඉටු කිරීමේ පළමු පියවර බවට බොහෝ දෙනා සැක පළ කරති. සමාගම්වලට කැඩීමෙන් පසු ඒවායේ කොටස් පුද්ගලික අංශයට විකිණීමට පහසු වන බව. අද රාජ්‍ය සතු සමාගම් ලෙස පැවතුනද, අනාගතයේදී කොටස් විකුණා දැමීමේ අවදානමක් ද පවතී.
ජවිපෙ, දැන් බලයේ සිටින පක්ෂයක් ලෙස, ආර්ථික අභියෝගවලට මුහුණ දීමටත්, දශක ගණනාවක් පුරා අලාභ ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමටත් සිදුව ඇත. නමුත් ඔවුන්ගේ අතීත සටන් පාඨ සහ වර්තමාන ක්‍රියාමාර්ග අතර පරතරය පිළිබඳව ජනතාව විමසිල්ලෙන් පසුවෙයි.
මෙම ප්‍රතිව්‍යුහගතකරණය අවසානයේ පාරිභෝගිකයින්ට සහ සේවකයන්ට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ තවදුරටත් අවධානයෙන් සිටිය යුතුය